නත්තල් සමයෙන් පසු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක් දැඩි උණුසුම් වා දහරාවකට මුහුණ දෙන අතර, දැන් එම තත්ත්වය හටගෙන තිබෙන්නේ මසක් තුළ දෙවැනි වතාවටයි.
මේ නිසා බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඒවායේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙන්ටිගේ්රඩ් අංශක 12කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.
මෙම සති අන්තයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිගේ්රඩ් අංශක 40ක් පමණ වන අතර, ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 8ක් එම තත්ත්වයට මුහුණ දෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.
මේ නිසා අධික උණුසුමෙන් ඇති වන ප්‍රති විපාක වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් ලබා ගන්නා ලෙස ද ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.