Gossips

ඉන්දියාවේ කුම්භමේලා අද ඇරඹේ

අභ්‍යාවකාශයේ සිට ද නැරඹිය හැකි මිහිමත සිදුවන විශාලතම මිනිස් ඒකරාශීවීම ලෙස සැලකෙන ඉන්දියාවේ හින්දූන්ගේ කුම්භමේලා සැණකෙළිය අද ආරම්භ වනවා.
මෑතකදී ප්‍රයාග්රාජ් ලෙස නම් කෙරුණු අලහබාද් හිදී ඇරඹෙන කුම්භ මේලා සැණකෙලිය ක්‍රියාත්මක වන අතර, ඊට එක්කෝටි පනස් ලක්ෂයක් පමණ ජනයා සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.
ඔවුන් ගංඟා, යමුනා, සරස්වතී ඇතුළු ශුද්ධ වූ ගංඟාවල ස්නානය කරමින් පව් සෝදා හැරීමේ චාරිත්‍රයේ නිරත වනු ඇති.