Gossips

ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් උත්සවය සමරයි

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් අද දිනයේදී තෛපොංගල් උත්සවය සමරනවා.
හින්දු දින දර්ශනයට අනුව තෙපොංගල් දිනය යනු වර්ෂයේ පළමු දිනයයි.
සූර්ය දෙවියන් වන්දනා කිරීම මුල්කර ගනිමින් මෙම උත්සවය පැවැත්වෙන අතර හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම මෙම දිනයේ දී සිදුකරනු ලබනවා.
තෛපොංගල් උත්සවය මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී මෙන්ම කෘතවේදීත්වයෙන් වර්ණවත් වන ආගමික උත්සවයක් ලෙසයි සැලකෙන්නේ.