Gossips

ජනපති අපේක්ෂකයා ගැන එකඟතාවකට පැමිණ නැහැ – විමල්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, එකඟතාවයකට පැමිණ නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
කොළඹ මහාධිකරණය හමුවේ තමාට එරෙහිව විභාග වන නඩු කටයුත්තකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.