Gossips

ගුවන් යානා ඇණවුම අවලංගු කිරිමෙන් දැවැන්ත පාඩුවක් – නිදහස් සේවක සංගමය

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා පසුගිය රජය සමයේ ඇණවුම් කළ ගුවන් යානා 03ක් වත්මන් රජය කැබිනට් අනුමැතියකින් තොරව අවලංගු කර ඇත්තේ දැඩි අවාසිසහගත කොන්දේසි යටතේ බවට එම ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය චෝදනා කරනවා.
එම සංගමය කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, ඊට එක්වෙමින් එහි සභාපති ජනක විජය පතිරණ සහ ප්‍රධාන ලේකම් අසන්ත යසරත්න මේ බව කියා සිටියා.
එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ගුවන් යානා ඇණවුම අවලංගු කිරීම හේතුවෙන් ගුවන් සමාගමට දැවැන්ත පාඩුවක් සිදුව ඇති බවයි.