Gossips

ට්‍රම්ප්ගෙන් තුර්කියට තර්ජන

සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගත් පසු කුර්දි ගරිල්ලන්ට ප්‍රහාරයක් එල්ල කළහොත් තුර්කිය ආර්ථික වශයෙන් ඉමහත් විනාශයකට ලක් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
කුර්දි ගරිල්ලන් සිය පක්ෂපාතී කණ්ඩායමක් ලෙස ඇමරිකාව සැලකුව ද, තුර්කිය ඔවුන් හඳුන්වන්නේ බෙදුම්වාදීන් ලෙසයි.
ජනපති ට්‍රම්ප්ගේ තර්ජනාත්මක ප්‍රකාශයට පිළිතුරු දුන් තුර්කි ජනාධිපති අර්ඩවාන් කියා සිටියේ ත්‍රස්තවාදීන් පාර්ශවකරුවන් ලෙස සැලකීමට ඇමරිකාව කටයුතු නොකළ යුතු බවයි.