Gossips

මංජු සමග සිටි දෙදෙනා රිමාන්ඩ්

පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු සමඟ සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අද (24) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් චන්දන ඒ. ගුණවර්ධන හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
මෙම සැකකරුවන් දෙදෙනා වත්තල සහ මාතලේ ප්‍රදේශවල පදිංචි 28 සහ 50 යන වයස්වල පදිංචිකරුවන් බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
වත්තල – ශාන්ත ආනා දේවස්ථාන භූමියේදී දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු නැමැති පාතාල සාමාජිකයා ඊයේ මිය ගියේ විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදියි.