Gossips

බඩ ඉරිඟු ආනයනය අත්හිටුවයි

බඩ ඉරිඟු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
මේ වන විට දිවයිනේ බඩ ඉරිඟු අස්වැන්න නෙලීම ආරම්භ කර තිබීම ඊට හේතුව බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය විජේසිරි වීරකෝන් කියා සිටියේ.
සේනා දළඹුවාගේ ආක්‍රමණය හේතුවෙන් මෙවර බඩ ඉරිඟු අස්වැන්න සියයට 10 ත්, 15ත් අතර ප්‍රමාණයකිින් අඩුවනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.