Gossips

පරිසර දූෂණය මැඬලීමට තායිලන්තය වැසි වස්සවයි

බැංකොක් අගනුවර වායු දූෂණය අනතුරුදායක මට්ටමට පැමිණීම හේතුවෙන් කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා ගුවන් යානා යොදා ගැනීමට තායිලන්තය සැලසුම් කර තිබෙනවා.
එම ගුවන් යානා මගින් වැසි බීජ රෝපණය කරන බවයි තායි බලධාරීන් ප්‍රකාශ කළේ.
එහිදී රසායනික ද්‍රව්‍යයක් වායුගෝලයට ඉස, වැසි වළාකුළු කැටි වීමට සලස්වනු ලබනවා.
සුළෙඟ් වේගය සහ ආර්ද්‍රතා මට්ටම අනුව මෙම වැසි බීජ රෝපණය හෙට දිනයේ සිදුකිරීමට හැකි වනු ඇතැයි තායිලන්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.