Gossips

විමල් වීරවංශට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුව මාර්තු 27 දක්වා කල් යයි

රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් අයථා ලෙස ඉපයූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුව මාර්තු මස 27 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.
එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ බැංකුවල පිහිටි ගිණුම් සම්බන්ධයෙන් ලබාදුන් පිටපත්වල නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට කාලය අවශ්‍ය බව අධිකරණය දැනුම් දී තිබෙනවා.
ඒ අනුවයි එම නඩුව ලබන 27 දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා පියවර ගෙන ඇත්තේ.