Gossips

ෂෙරීනා විලියම්ස් නව වාර්තාවක් සම කිරීමට සූදානමින්

ඇමරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස් අද ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවලියේදි නව වාර්තාවක් සම කිරිමට සුදානම් වනවා.
ඒ, ඔස්ට්‍රේලියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ටෙනිස් ක්‍රිඩිකා මාගරට් කෝට්, ශුරතා 24ක් දිනා ලබා ගත් වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශුරතා සංඛ්‍යාව දිනාගැනිමේ වාර්තාව සම කිරිමයි.
ෂෙරිනා විලියම්ස් මේ වන විට ග්‍රැන්ඞ් ස්ලෑම් ශුරතා 23ක් දිනා ගෙන සිටිනවා.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතා 07ක්, ප්‍රංශ විවෘත ටෙනිස් ශුරතා 03ක්, විම්බල්ඩන් ශුරතා 07ක් සහ ඇමරිකානු විවෘත ටෙනිස් ශුරතා 06ක් ෂෙරිනා විලියම්ස් ජය ගෙන තිබීම විශේෂත්වයක්.