Gossips

පොලිස්පති අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට

පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රථම වතාවට රස පරික්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර අනාවරණ කළ තොරතුරුවලට අදාලවයි.
ඒ අනුව කටහඩ සාම්පලයක් ලබා ගැනීම සඳහා ඔහු අද පෙරවරු 10ට කැඳවා ඇති බවයි රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියනන්ද වැලිඅංගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඩ තිබේ ද යන්න පරික්ෂා කිරීම සඳහායි ඔහු මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ.
මෙම චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනගාර ගතව සිටින ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගිය වසරේ සැප්තැම්බර් මසදී රස පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ හඩ සාම්පල ලබා දුන්නා.
පසුව ඒ සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයකදී අනාවරණය වූයේ ලබා දී ඇති දුරකථන සංවාද වලට අනුව එම හඩ සාම්පල සමාන බවයි.