Gossips

මහා පරිමාණ ව්‍යාජ ඩොලර් නෝට්ටු ජාවාරමක්

ඩොලර් මිලියනයක් වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු 03ක් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 18 දෙනා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ (13) මහනුවර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ අම්පිටිය ප්‍රදේශයේදීයි.
සැකකරුවන් ත්‍රිකුණාමලය, පුත්තලම, කන්තලේ, ඇල්පිටිය, කොළඹ, රාගම, ගනේමුල්ල සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් කණ්ඩායම් 03 ක් ලෙස සංවිධාන වෙමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට පරීක්ෂනවලදී හෙළිවී තිබෙනවා.