Gossips

අනතුරකින් ඉන්දියාවේ පාසල් සිසුන් 9 දෙනෙකු මරුට

නැගෙනහිර ඉන්දියාවේ – බිහාර් ප්‍රාන්තයේ පාසලක් ඉදිරිපිට රැදී සිටි සිසුන් 9 දෙනෙකු වෑන් රථයකට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම සිසුන් අද පාසල නිමවීමෙන් අනතුරුව, පාසලේ ඉදිරිපිට රැදී සිටියදී අධික වේගයෙන් පැමිණි වෑන් රථයකට යටවී ඇති බවයි.
එහිදී තුවාල ලැබූ තවත් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.