Gossips

නවසීලන්තයට බැට දුන් තිසරගෙන් බංග්ලාදේශයේදී, 20 – 20 පිටිය උඩු යටිකුරු කරමින් සුපිරි ප්‍රහාරයක්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාළව ඩකා හි මීර්පුර් ක්‍රීඩාංගනයේ චිතගොන් වයිකිංග්ස් පිලට එරෙහිව පැවති තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා වේගවත් ලකුණු 74 ක් රැස් කර තිබෙනවා.
ඒ, පන්දු 26 කදියි.
මෙම තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 05 ක් දැවී ලකුණු 184 ක් රැස් කරගත්තා.
කෙසේ වෙතත් චිතගොන් වයිකිංග්ස් කණ්ඩායම 19 වන පන්දු වාරයේදී කඩුලු 06 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.
මෙම තරගයේදී තිසර පෙරේරා සිය වේගවත් ලකුණු 74 රැස් කරනු ලැබුවේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 3 ක් සමඟින්.
තිසර පෙරේරාගේ ඉනිම පහතින්..