Gossips

අම්බටි රයිදුගේ පන්දු යැවීම ගැන සැකයක්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බටි රයිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි නුවර පැවති පළමු එක්දින තරඟයේ විනිසුරුවන් විසින්.
අදාළ චෝදනාව පිළිබඳව ඉන්දීය ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම් දීමක් කර ඇති බව සඳහන්.
33 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක රයිදු, එක්දින තරඟවලදී විශේෂයෙන් දස්කම් දක්වා ඇත්තේ පිතිකරුවෙකු ලෙසයි.
මේ අතර, ඕස්ට්‍රේලියාවේදී විනය නීති උල්ලංගණය කිරීම හේතුවෙන් නැවත ඉන්දියාවට කැදවූ හාර්දික් පාණ්ඩ්‍යා සහ ලෝකේෂ් රාහුල් වෙනුවට නවක ක්‍රීඩක ශුබ්මාන් ගිල් සහ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන විජය ශංකර් කැදවා තිබෙනවා.
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අනිද්දා ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.