Gossips

නැට්ට කොටා ගොඩගන්න කළ අලි මෙහෙයුම

වැලිකන්ද සිංහපුර ප්‍රදේශය හරහා ගලාබසින Z- E ඇළට වැටුණු වන අලියෙකු ගොඩ ගැනීමට අද (13) වනජීවී නිලධාරීන්ට හැකි වුණා.
පොලොන්නරුව,මනම්පිටිය,වැලිකන්ද වනජීවී නිධාරීන් එක්ව පැය නවයක පමණ මෙහෙයුමකින් අනතුරුව මෙම වන අලියා ගොඩගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ.
මෙම වන අලියා ප්‍රදේශවාසීන් විසින් "නැට්ට කොටා" ලෙස හඳුන්වන අතර එම සත්වයා අඩි නවයක උසින් යුතු වයස අවුරුදු 30 ක සත්වයෙක්.
අඩි 20 ක් පමණ ගැඹුරු Z- E ඇළට වැටුණු මෙම වන අලියා ගොඩට ගැනීමෙන් අනතුරුව මහවැලි රක්ෂිතයට පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.
මනම්පිටිය – නිමල් ජයරත්න