බුත්තල ප්රදේශයේ වෙළඳසැල් බිඳ ඒවායේ තිබූ භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පාසල් සිසුන් දෙදෙනෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිසුන් දෙදෙනා කලක සිට මෙලෙස වෙළඳසැල් බිඳ භාණ්ඩ සහ මුදල් සොරකම්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා 15 හැවිරිදි වියේ පසුවන්නන් බවයි අප වාර්තාකරු පැවසුවේ.
කලක සිට බුත්තල ප්රදේශයේ වෙළඳසැල්වල සිදුවූ සොරකම් හේතුවෙන් ආරක්ෂිත කැමරා සහ ආරක්ෂිත සංඥා සවි කිරීමට වෙළඳසැල් හිමියන් කටයුතුකර ඇති බව සඳහන්.
ඊයේ (12) රාත්රියේ මොවුන් දෙදෙනා වෙළඳසැලක් කඩා එහි තිබූ භාණ්ඩ සොරා ගන්නා අවස්ථාවේ වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත සංඥා නාදවී ඇති අතර එම අවස්ථාවේ ක්රියාත්මක වූ පොලිසිය වෙළඳසැල වෙත පැමිණ තිබෙනවා.
පොලිසිය පැමිණෙන අවස්ථාවේ එක් සිසුවෙක් පලාගොස් ඇති අතර අනෙක් සිසුවා වෙළඳසැලේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට ගත් සිසුවාගෙන් කළ ප්රශ්න කිරීම් වලදී පලාගොස් සිටි අනෙක් සිසුවාද අද (13) උදෑසන අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
බුත්තල පොලිසිය විසින් මෙම සොරකම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි අප වාර්තාකරු පැවසුවේ.
සොරකම සිදුවන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මෙලෙසින්.