මත්ද්‍රව්‍ය සහ දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට ශ්‍රී ලාංකිකයින් 80,000 ක් පමණ මියයන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා.
එහි අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි හිරු ප්රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ පාසල් ළමයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීමේ අරමුණින් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ජනවාරි 21 වනදා සිට 28 දක්වා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.