Gossips

වන අලි පහරදීමකින් කුඩා දැරියක් ඇතුලු 3 කට තුවාල

කැකිරාව කරවිලගල ප්‍රදේශයේදී එල්ලවූ වන අලි ප්‍රහාරයකින් කුඩා දැරියක් ඇතුලු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්‍රී 7 ට පමණ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අලි තිදෙනෙකුගෙන් සමන්විත රංචුවක සිටි අලියෙකු ත්‍රී රෝද රථයට පහරදී ඇති අතර කුඩා දැරියක් සහ ඇයගේ සීයා මෙන්ම මිත්තණිය එහි ගමන්කර තිබෙනවා.
වන අලියාගේ පහරදීමෙන් තුවාල ලැබූ ඔවුන් කලාවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යැවුනා.