Gossips

කුරුණෑගල රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ මුත්තතෙට්ටුගල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කුරුණෑගල සිට දඹුල්ල දෙසට ධාවනය වූ එම යතුරුපැදිය පදිකයෙකුගේ ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරුපැදිය පදවාගෙන ගිය 38 හැවිරිදි නිදහස්ගම – වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර කුරුණෑගල – මීගමුව මාර්ගයේ කොට්ටගස් හන්දිය – අලියාවල බෝක්කුව අසළදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගියා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 43 ක් වන ඉහළ මඩවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.