Gossips

මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය අගෝස්තු විවෘත වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස ලබන අගෝස්තු මාසයේ විවෘත කිරීමට හැකිවනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති නිහාල් සූරියආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිටත් කිලෝමීටර 96 කින් යුත් එම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සියයට 80 ක් පමණ අවසන් කර ඇති බවයි.