Gossips

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන ජ.වි.පෙ. න් ප්‍රකාශයක්

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයට නොගැළපෙන බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින ව්‍යවස්ථාවට වඩා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ බවයි.