Gossips

ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක්

දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් අද පස්වරු 6 දක්වා පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු වනවා.
එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, උතුර සහ උතුරු මැද පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.