Gossips

ඇමරිකානු නාවික හමුදා ප්‍රධානියා චීනයට

ඇමරිකානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් අද චීනයේ සංචාරයක් ආරම්භ කරනවා.
ඒ, වෙළඳ යුද්ධයකට පැටලී සිටින ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර නාවික ගැටුමක අවදානම අවම කරලීමටයි.
ඇමරිකානු නාවික හමුදා ප්‍රධානියා බීජිං සහ නැන්ජිං නගරවල සංචාරය කරන අතර, චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ෂෙන් ජින්ලොං ද මුණගැසීමට නියමිතයි.
දෙපාර්ශවයට බලපාන පොදු කරුණු පිළිබඳව විවෘත සංවාදයකින් ගැටුමක අවදානම අවම කරලිය හැකි බව සිය චීන සංචාරයට පෙර ඇමරිකානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් රිචඩ්සන් ප්‍රකාශ කළා.