Gossips

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන අයට විශේෂ දැනුම් දීමක්

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අනාරක්ෂිත ස්ථානවලින් දිය නැම සිදු නොකරන ලෙසට නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු ඉල්ලා සිටිනවා.
මධ්‍යම කදුකරයේ මේ දිවන පවතින දැඩි වියළි කාලගුණයත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින අතර, ඇතැම් වන්දනාකරුවන් එම ජලාශයේද දිය නැම සිදු කරන නිසා මෙම ඉල්ලිම සිදු කරන බවයි ලක්සිරි ප්‍රනාන්දු කියා සිටින්නේ.
නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සීත ගගුලේ දිය නැම සදහා ස්ථාන කිහිපයත් වෙන් කර ඇති අතර එම ස්ථානවල පමණක් දිය නෑම සිදු කරන ලෙසටත් එම ස්ථානවල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින්ද රාජකාරියේ යොදවා ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
මේ අතර නල්ලතන්නිය පොලිසිය මගින් දිවා රාත්‍රි දෙකේ පවත්වාගෙන යන සමනලගිරි සේවය මගින් අතරමං වුවන් සොයා දිමට වැඩසටහනක් දියත් කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.