Gossips

ගෙවුණු සිව් වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ සොයන්න ජනපති විමර්ශන කොමිසමක්

පසුගිය වසර 4 ක කාලය තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවූ දූෂණ පිළිබඳව සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ජනාධිපති නිල නිවසේදී ඊයේ මෙම සාකච්ඡාව පැවති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය කාලය තුළ සිදුවූ දූෂණ අක්‍රමිකතා, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සහ වෛද්‍ය සේවාව සඳහා යෝජිත නව ව්‍යවස්ථාවේ බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.