Gossips

ජා.නි.පෙ. න් ඇපෑලක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අදාළව ඇපෑලක් යොමු කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
පසුගිය 11 වනදා කොළඹ වාණිජ මහාධිකරණය විසින් විමල් වීරවංශට අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණට අයත් නැත්ත වෙනුවට ඇත්ත කෘතිය පළ කරමින් බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කිරීම හේතුවෙන්.
ඊට අදාළව ටිල්වින් සිල්වා විසින් වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ මීට පෙර නඩුවක් පවරා තිබූ අතර, ඒ අනුව එය මුද්‍රණය සහ බෙදාහැරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ ඉදිරියේදී ඇපෑලක් යොමු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අදාළ නිතිමය කටයුතු සූදානම් කරමින් පවතින බවයි.