Gossips

රුපියලේ ස්ථාවර වීමක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් ඊයේ දක්නට ලැබුණා.
මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකිණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 183 යි ශත 84 ක් ලෙසයි.
නව බැඳුම්කර මගින් රුපියල් මිලියන 98 ක් ඉපයීමත් සමඟ බැඳුම්කර ඵලදා පොලී අනුපාත අඩුවීමක්ද දක්නට ලැබුණා.
මේ අතර කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය තවදුරටත් 6,000 ට අඩු සීමාවේ පැවති අතර, ඊයේ දිනයේ මුළු පිරිවැටුම සටහන් වූයේ රුපියල් මිලියන 814 ක් ලෙසයි.