Gossips

ජනපතිගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් විශේෂ පිරිත් දේශනයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයාට ආශිර්වාද පතා මහා සංඝ රත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනයක් රුවන්වැල්ල – ලෙවන්ගම – සදානන්දාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා.
අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයාද එම අවස්ථාවට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
පිරිත් දේශනයෙන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක්ද සිදු කෙරුණු අතර, ඊට එක්වූ ජනාධිපතිවරයා මහා සංඝ රත්නය වෙත දානය පිළිගන්වනු ලැබුවා.
එමෙන්ම ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත විහාරස්ථානවල භික්ෂූන් වහන්සේට සහ දහම් පාසල් දරුවන්ට උපකරණ බෙදා දීමක්ද මෙහිදී සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.