Gossips

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට (ඡායාරූප)

බුලත්සිංහල මීගහකුඹුර ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ රාත්‍රී සිදුවු අනතුරින් මියගොස් ඇත්තේ හොරණ පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ 49 හැවිරිදි කොස්තාපල්වරයෙක්.
ඈගල්ඔය ප්‍රදේශයේ නිවසක පැවති උත්සවයකට සහභාගී වී ඉංගිරිය ප්‍රදේශයේ නිවස බලා යමින් සිටියදී මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරමින් පැවති ස්ථානයකදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අනතුර සිදුව තිබෙනවා.
ප්‍රදේශවාසියෙකු යතුරුපැදිය සහ මළ සිරුර දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි විමර්ශණ ආරම්භ වී ඇත්තේ.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම මාර්ගය සංවර්ධනය කිරීමේදී සිදුවන අක්‍රමිකතා හමුවේ මෙම මරණය සිදුව ඇති බවයි.
ඔවුන් එම සංවර්ධන කටයුතුවලට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක ද නිරතවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බෝක්කුව ගලවා ඉවත් කර අලුතින් ඉදි කෙරෙන අතර එහි ඇති විකල්ප මාර්ගය යතුරුපැදිකරු නොදැකීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව බුලත්සිංහල පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.



ඡායාරූප – අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර