Gossips

ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායල ප්‍රහාරක යානා මගින් ඩමස්කස් අගනුවර දෙසට මිසයිල රැසක් එල්ල කළ බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා.
ඊයේ එල්ල කළ මෙම මිසයිල රැසක් සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කළ බවයි එමගින් කියා සිටියේ.
එහෙත් ඉන් කිහිපයක් ඩමස්කස් ගුවන් තොටුපළේ ගබඩාවකට පතිත වී තිබෙනවා.
සිය පස මිතුරු ඉරානය ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට සහය දැක්වීම ඊශ්‍රායලය සිරියාව සමඟ උරණවීමට හේතුවයි.
පසුගිය දෙවසර තුළ ඔවුන් ඉරානය ඉලක්ක කරගෙන ප්‍රහාර 200කට වැඩි සංඛ්‍යාවක් දියත් කර තිබෙනවා.