ආණමඩුව – පූනවිටිය – ආඩිගම ප්‍රදේශයේ නිවසක් අසළ තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ගෙළ වයරයකින් සිරකර, දෙඅත් ගැටගසා තිබියදී මෙම කාන්තා මළ සිරුර අද අලූයම සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
66 හැවිරිදි මෙම කාන්තාව පූනවිටිය – ආඩිගම ප්‍රදේශයේම පදිංචිකාරිනියක් වන අතර, ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.