Gossips

ලේ බැංකුවේ රුධිර පට්ටිකා හිඟයක්

රෝගීන් සඳහා අවශ්‍ය වන රුධිර පට්ටිකාවල හිඟයක් පවතින බව ජාතික ලේ බැංකුව හෙවත් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපා සරණජීව කියා සිටියේ මසකට රුධිර දායක කඳවුරු 75 ක් පවත්වන අතර, එය දැනට 55 දක්වා අඩු වී ඇති බවයි.
මේ නිසා වැඩි වශයෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන ලෙසයි ඇය, දායක පරිත්‍යගශීලිගෙන් ඉල්ලා සිටියේ.