සිය පවුලේ සාමාජිකයන් වෙතින් එල්ල වන පීඩාවන් නිසා තායිලන්තයට පළා ආ 18 හැවිරිදි සෞදි යෞවනිය රහාෆ් මොහොමඩ් අල්කුනන්ට කැනඩාවේ රැකවරණ හිමිව තිබෙනවා.
පසුගිය සතියක පමණ කාලයක් ඇය බැංකොක් නුවර ගුවන් තොටුපළ ආසන්නයේ හෝටලයක රැදී සිටිමින් ජගත් සංවිධාන සරණාගතභාවය ලබා ගැනීමට සමත් වුණා.
තායි බලධාරීන් ඇය කුවේටය වෙත පිටුවහල් කිරීමට උත්සාහ කළ ද එය සමාජ මාධ්‍ය මගින් ක්‍රියාත්මක කළ ප්රචාරක ව්‍යාපාරයක් හේතුවෙන් නතර කිරීමට හැකි වුණා.
ඒ අනුව රහාෆ් කැනඩාවේ ටොරෙන්ටෝ නුවර බලා නික්මුණු බවයි තායි බලධාරීන් ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් ඇය එලෙස කැනඩාව බලා යාමට පෙර සිය ට්විටර් ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ ඒ ඔස්සේ එල්ල වූ මරණ තර්ජන හේතුවෙන්.