Gossips

යුරෝපය හිමෙන් වැසේ

හිම පතනයත් සමඟ ඝන හිම තට්ටුවකින් වැසී යාම නිසා ජර්මනිය, ස්වීඩනය ඇතුළු යුරෝපයේ රටවල් රැසක එදිනෙදා කටයුතු අඩාල වී තිබෙනවා.
ඊයේ දිනයේදී මෙලෙස එම රටවල මාර්ග අවහිර වී දුම්රිය ගමනාගමනය ඇණහිට තිබූ අතර, පාසල් ද වසා දමා තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ මහා මාර්ගවල අතරමං වූ පිරිස්වලට රතු කුරුස සංවිධානය සහය වූ අතර, ගසක් කඩා වැටීමෙන් 9 හැවිරිදි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
හිම කුණාටුවකින් ස්විට්සර්ලන්ත හෝටලයක පිවිසුම අවහිර වූ අතර, ස්වීඩනය සහ නෝර්වේ යන රටවල ද ගමනාගමන කටයුතු දුෂ්කර වී ඇති බව සඳහන්.
ඔස්ටි‍්‍රයාවේ ඇතැම් ප්‍රදේශ අඩි 10ක පමණ හිම තට්ටුවකින් වැසී තිබෙනවා.