ඉරාක යුද්ධයේදී ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවය කළ 37 හැවිරිදි තුල්සි ගබාඩ් 2020 වසරේ ඇමරිකානු ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බව ප්රකාශ කළා.
ඩිමොක්රටික් පක්ෂ කොංග්රස් සාමාජිකාවක වන ඇය ඒ සඳහා මුලින් පක්ෂයේ නාම යෝජනා ලබා ගැනීම සඳහා තරඟ වදිනු ඇති.
ඇමරිකානු සැමෝවා දිවයිනේ උපත ලද තුල්සි ගබාඞ් හවායි දිවයිනේ ජීවත් වන අතර, ඇය ඇමරිකානු කොංග්රසයේ ප්රථම හින්දු සාමාජිකාව ද වනවා.
එමෙන්ම ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇය එරට ප්රථම ජනාධිපතිනිය මෙන්ම ඒ සඳහා තේරී පත්වූ ලාබාලතම තැනැත්තිය වනු ඇති.