Gossips

මල්පොච්චියකින් පහර දී පියා මැරූ අජාසත්ත පුත්‍රයා

බහින් බස්වීමක් දුරදිග ගොස් ඇතිවූ ආරවුලක් හේතුවෙන් අම්බලන්තොට, අරවනමුල්ල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට, බැරගම, අරවනමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි තිදෙරු පියෙකු වන අතර සිය වැඩිමල් පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අද (12) අළුයම නිවසේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මල්පොච්චියකින් පහර දී මෙම අපරාධය සිදුකර ඇති අතර සැකකාර පුත්‍රයා විසින් එම අවස්ථාවේ සිය මවටද පහර දී ඇයගේ කෙස් වැටියද කපා දමා තිබෙනවා.
35 හැවිරිදි සැකකාර පුත්‍රයා මේ වනවිට සැඟව සිටින අතර ඔහු සොයා අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
යාබද නිවසක වාසය කර ඇති සැකකරු මෙලෙස පියා සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිකරගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.