Gossips

නම වෙනස් කිරීමට මැසිඩෝනියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය

යුරෝපීය මැසිඩෝනියානු රාජ්‍යයේ නම උතුරුදිග මැසිඩෝනියා ජන රජය ලෙස වෙනස් කිරීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ සඳහා ඊයේ පැවති ඡුන්ද විමසීමේදී ආසන 120කින් යුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්ම වූ ප්‍රතිශතයක් එනම්, 81 දෙනෙකු ඊට සහය පළ කළා.
පැරණි යුගෝස්ලාවියානු සමූහ ආණ්ඩුවක් වූ මැසිඩෝනියාව ඉන් වෙන්වීමේදී එම නම භාවිත කිරීමට ග්‍රීසිය විරෝධය දක්වනවා.
මේ නිසා මැසිඩෝනියාවට, යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට එක්වීමට ද නොහැකි වුණා.
ග්‍රීසිය එම නම භාවිතා කිරීමට විරෝධය දක්වන්නේ මැසිඩෝනියාව මහා ඇලෙක්සැන්ඩර් රජුගේ දිග් විජය පතල අධිරාජ්‍යයේ කේන්ද්‍රය ලෙස පැවතීම හේතුවෙන්.