Gossips

ලොවම මවිත කරමින් මුල්වරට චීනය හඳේ හාවා අවදිකරවයි

ලොවම මවිත කරමින් මුල්වරට චීනය හඳේ හාවා අවදිකරවයි (ඡායාරූප සහිතයි)
චීනය, සඳ සාවා නැගිටුවයි
චන්ද්‍රයාගේ පෘථිවියට පිටුපා ඇති අඳුරු පසට ගොඩබට චීන චන්ද්‍ර ගවේෂණ යානය යුටු – ටූ, හෙවත් සඳ සාවා, දැන් එහි ගවේෂණ චාරිකා සඳහා සූදානම්.
සඳේ අඳුරු පසට ප්‍රථමවරට ගවේෂණ යානයක් මෘදු ලෙස ගොඩ බැස්සවීමට සමත් වූ ප්‍රථම රට චීනයයි.
අභ්‍යාවකාශයේ බලවතෙකු වීමට සැලසුම් කරන චීනය චාන්ගී 4, මෙහෙයුම මගින් එම ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් වුණා.
චන්ද්‍රයාගේ පෘථිවියට මුහුණලා ඇති ප්‍රදේශය මෙන් නොව අඳුරු පස ආවාට සහ කඳුකර ප්‍රදේශ රැසකින් සමන්විත බව සඳහන්.
මේ නිසා එය ගවේෂණය දුෂ්කර කටයුත්තක් ලෙසයි සැලකෙන්නේ.
එහි ගොඩබට චීන සඳ සාවා ගවේෂකය පැය ගණනාවක දීර්ඝ නින්දකින් අනතුරුවයි දැන් ක්‍රියාකාරී වී ඇත්තේ.
ඒ, එහි පාරිසරික තත්ත්වයන්ට හැඩ ගැසීමෙන් අනතුරුවයි.
ඒ අනුව චීනය විසින් චන්ද්‍ර ගවේෂකය ලබා ගත් සඳේ අඳුරු පසේ ඡායාරූප රැසක් මේ වන විටත් නිකුත් කර තිබෙනවා.