Gossips

හිරු පුවත සැලවී, අසරණ පවුලට සරණක් වෙන්න ආ කාන්තාව

කහවත්ත, පනාපිටිය ප්‍රදේශයේ දිළිඳු පවුලක් ජීවත් වූ නිවසක් ගිනිගැනීම හේතුවෙන් එම පවුලේ සාමාජිකයින් දැඩි අසරණභාවයකට පත්වූ පුවතක් පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා.
මෙම පුවත අප වාර්තා කිරීමත් සමඟ ඔවුන්ට සරණක් වීමට කහවත්ත ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් ඉදිරිපත් වී තිබෙනවා.
මව හා පියා සමඟ කුඩා දරුවන් 5 දෙනෙකු පදිංචිව සිටි මෙම නිවස ගිනිගෙන තිබුණේ පසුගිය 4 වනදා උදෑසනයි.
ගින්නෙන් ඔවුන්ගේ පොත්පත් ඇතුළු පාසල් උපකරණ සම්පූර්ණයෙන් විනාශ වී තිබූ අතර ඉඩම් ආරවුලක් මත සිය ඥාතියෙකු විසින් නිවසට මෙලෙස ගිනි තබා ඇති බවටයි පදිංචිකරුවන් චෝදනා කළේ.