Gossips

සංවර්ධනයට මුවා වී නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන වන සංහාරය

බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියකට මුවාවෙමින් නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන නීති විරෝධී වන විනාශයක් පිළිබද තොරතුරු හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා.
අප කණ්ඩායම ඒ ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී දැකගත හැකි වුයේ වසර සිය ගණන් පැරණි යෝධ වනස්පතීන් හිත්පිත් නැති අයුරින් වන සා ඇති අයුරුයි.
එමෙන්ම තවත් සද්ධන්ත වනස්පතීන් කපා බිම හෙළිම සදහා සලකුණු කර ඇති ආකාරයත් අප කැමරාවේ සටහන් වුණා.