Gossips

කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී මියගිය සිසුවාගේ දේහය, නිවසට යාමට මාර්ගයක් නොමැති වීමෙන් මිත්තණියගේ නිවසේ තැන්පත් කරයි

පාසලේදී කොන්ක්‍රීට් කණුවක් හිස මතට කඩා වැටීමෙන් මියගිය සිසුවාගේ දේහය එම සිසුවාගේ මිත්තණියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඒ සිසුවාගේ නිවසට යාමට නිසි මාර්ගයක් නොමැතිවීම හේතුවෙන්.
පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ තම ගම්මානයට යාමට පාලමක් සාදා ගැනීම අරමුණ බවට සිසුවා ජීවත්ව සිටියදී ප්‍රකාශ කර තිබු බවයි.
මිත්තණියගේ නිවසේ තැන්පත් කර ඇති සිසුවාගේ දේහය මත ඔහු භාවිත කළ අත් ඔරලෝසුව, හිස්වැසුම, පාසල් ටයි පටිය, ජයග්‍රහණය කළ කුසලාන මෙන්ම මිතුරු මිතුරියන් සමග ආහාරයට ගන්නා චොක්ලට් කිහිපයක් ද තබා තිබීම විශේෂත්වයක්.
කැකිරාව බුදුගේහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩා කරමින් සිටියදීයි ඉදිකරමින් තිබු ක්‍රීඩා මණ්ඩපයක කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් පෙරේදා (09) මෙම සිසුවා ජීවිතක්ෂයට පත්වුනේ.
සිද්ධියට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් ඊයේ විදුහලේ විරෝධතාවයක ද නිරතවුනා.
ඒ විදුහල්පතිවරයා ද කාර්යාල අඩස්සියේ තබමින්.