Gossips

ඉදිරි පැය 5 තුල ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සහිත වැසි

ඉදිරි පැය 5 තුල ගාල්ල, මාතර, රත්නපුර, සහ කලුතර ප්‍රදේශවලට ප්‍රබල අකුණු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම එම ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම කාලසීමාව තුළ ප්‍රබල අකුණු තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
ඒ පිළිබදව ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර අද දිනයේ සිට ලබන 13 වනදා දක්වා ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වනවා.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්වලත් සවස 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම සබරගමුව පළාතේත් පොළොන්නරුව මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.