Gossips

පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසම සහ පක්ෂ නියෝජිතයින් අතර මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් දැනුවත් කිරිමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත්තේ එහි නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාරයි.