Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන් දෙවන සමුළුව සිංගප්පූරුවේදී හෝ වියට්නාමයේදී

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන සමුළුව සිංගප්පූරුවේදී හෝ වියට්නාමයේදී පැවැත්වීමට නියමිත බව දකුණු කොරියානු මාධ්‍ය අද අනාවරණ කළා.
කෙසේ නමුත්, ඒ සඳහා ඇමරිකානු ප්‍රාන්තයක් වන හවායි දිවයිනේ නම ද යෝජනා වී ඇති බවයි දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එහෙත් ඒ සඳහා බාධාවක් වී ඇත්තේ හවායි හි උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයක් නොමැතිවීමයි.
එමෙන්ම උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය නායකයන් හමුවූ පැන්මුන්ජොම් නුවර දී ට්‍රම්ප් – කිම් ජොං අන් සමුළුව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව දකුණු කොරියානු මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා කියා සිටියේ ජනවාරි මාසය තුළ උතුරු කොරියානු නායකයා සමඟ දෙවන සමුළුව පැවැත්වීමට හැකියාවක් පවතින බවයි.