Gossips

තවත් ඇමතිවරු තුන්දෙනෙක් දිවුරුම් දෙයි දයා ගමගේ ගේ ඇමති ධුරයෙන් කොටසක් ඉවතට

කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙකු සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
ජනාධීපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම්දීම සිදුවූ බවයි.
එමෙන්ම කැබිනට් අමාත්‍ය දයා ගමගේ දැරූ කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරයේ සංශෝධනයක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඔහුගෙන් කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා කොටස ඉවත් කර ඇති අතර, ඉදිරියට සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය ධුරය පමණක් දරනු ඇති.
අද ජනාධිපතිවරයා ඉදිරියේ කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර දිවුරුම් දුන් අතර, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන වී. රාධක්‍රිෂ්නන් විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.
එමෙන්ම වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අබ්දුල්ලා මහරුෆ් දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

(ඡායාරූප)