Gossips

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – යුධ හමුදාපති

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක පවසනවා.
හමුදාපතිවරයා මේ අදහස් පැවසුවේ අද( 24) වන්නි ආරක්ෂක සේනා 57 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙහිදී හමුදාපතිවරයා පැවසුවේ දියතලාව බස් රථයක සිදුවූ පිපිරිම සජීවි අත් බෝම්බයක් පිපිරීමෙන් සිදුවූවක් බවයි.
ඒ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔහු සදහන් කළා.
එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් රටේ ජනතාවට කලබල විය යුතු නොවන අතර, එයින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.