Gossips

මෙහෙයුම් කමිටු වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල විද්වත් කමිටු වාර්තා 5 ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණු අතර, එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් නොවන බවයි.
එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ වත්මන් පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සුජාත භාවයක් නොමැති බවයි.
ඒ අනුව මහ මැතිවරණයකට එළඹී එම යෝජනා ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා අභියෝග ඉදිරිපත් කළා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දිගුකාලින අවශ්‍යතාවක් බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මෙහිදී කියා සිටියේ.
අදාළ යෝජනා සම්බන්ධයෙන් විද්වත් කමිටු තුළද එකඟත්වයක් නොමැති බව විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක කියා සිටියා.