Gossips

ශ්‍රී ලංකාවට ලකුණු 180 ක ඉලක්කයක්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ඕක්ලන්ඞ් හිදී දැන් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයේ අවසන් තරගය වන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
නවසීලන්ත පිලේ මුල් පෙළ කඩුලු 4 ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීමට මාලිංග සහ කසුන් රාජිත සමත්වීම විශේෂත්වයක්.
නවසීලන්ත පිල පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 179ක් රැස්කළා.
එහිදී ඩග් බ්‍රෙස්වෙල් ලකුණු 44 රැස්කළ අතර කුගේලේජින් නොදැවී ලකුණු 35 ක් රැස්කළා.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 2 ක් සහ ලසිත් මාලිංග කඩුලු 2 ක් දවාගත්තා.
තරඟයේ නවසීලන්ත ඉනිමේ ලකුණු සටහන පහතින්.